― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsකොළඹ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

කොළඹ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

කොළඹ නගරය ආශ්‍රිතව මාස තුනක ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

“අපි කොළඹ සිදුකළ කීට විද්‍යා පරීක්ෂණවලින් අපට පැහැදිලි වූ කාරණාව තමා කොළඹ නගරයේ නිවැසියන් ඉතාමත් හොඳින් තමන්ගේ ඩෙංගු මර්දන කටයුතු තම පරිශ්‍රයන් තබාගෙන තිබෙනවා. නමුත් ඉදිකිරීම් ස්ථාන, පාසල්, රජයේ ගොඩනැගිලි, රජයේ කාර්යාල, පෞද්ගලික කාර්යාල සහ ආගමික ස්ථානවල ඉති විශාල ලෙස 70%කට වඩා ඩෙංගු බෝවන පරිශ්‍රයන් ලෙස හඳුනාගෙන තියෙනවා.”