28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව තානාපතිවරු - නැගෙනහිර ආණ්ඩුකාර හමුවෙයි

නව තානාපතිවරු – නැගෙනහිර ආණ්ඩුකාර හමුවෙයි

මෙරටට අලුතින් පත්ව ආ තානාපතිවරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්ව හමු වුණා.

ඒ ශ්‍රී ලංකාව සහ සෙසු රටවල් අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කිරීමටයි.

මෙම අවස්ථාවට ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, ඊජිප්තුව, ඉතාලිය, කුබා, බංග්ලාදේශය, බෙල්ජියම සහ යුරෝපා සංගමයෙන් මෙරටට පත් ව තානාපතිවරුන් ඇතුළත් ව සිටියා.

මෙම හමුව නැගෙනහිර ආණ්ඩුකාර කාර්‍යාලයේදී ඊයේ පැවැත්වුණා.

එහිදී ප්‍රධාන වශයෙන් මාතෘකාව වූයේ සංවර්ධනය සහ සංචාරක කර්මාන්ත කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙනුයි.

ඊට අදාළ ව සංචාරක ප්‍රවර්ධනය, කාර්මික උද්‍යාන පිහිටුවීම, පතල් ක්ෂේත්‍ර සංවර්ධනය, කෘෂිකර්ම සංවර්ධන සහයෝගීතා ප්‍රයත්න සහ සත්ත්ව පාලන සංවර්ධනය පිළිබඳ ව අදාළ රටවල සහාය ඇති ව සාකච්ඡා කෙරුණා.