26.6 C
Colombo
Sunday, December 3, 2023

ඔන්ලයින් හරහා සේවාවක් ලබාගැනීමට ගිය අයට සුද්දයක් දීලා

ඔන්ලයින් යෙදවුමක් හරහා සේවාවක් ලබා ගැනීමට අදාළ ස්ථානයට ගිය යුද හමුදා මේජර්වරයෙකුට එහි සිටි පුද්ගලයින් පිරිසක් විසින් පහර දී ඔහු සතු මුදල් කොල්ලකා තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ මොරටුව – කොරළවැල්ල ප්‍රදේශයේ පිහිටි පී.එම්. ප්‍රනාන්දු මාවතේ පිහිටි නිවසක දී බවයි මොරටුව පොලිසිය පැවසුවේ.

අදාළ මේජර්වරයා සේවාව ලබා ගැනීමට පෙරේදා දහවල් 12ට පමණ එම ස්ථානයට ගොස් තිබෙනවා. පසුව එම මේජර්වරයාව නිවස තුළට කැඳවාගෙන යාමට එහි සිටි වයස අවුරුදු 16ක පමණ මෙවර සා/පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව එම සිසුවා සමග නිවස තුළට ගිය මේජර්වරයාට මිනිත්තු කිහිපයකට පසුව එම ස්ථානයට පැමිණි අදාළ සිසුවාගේ සහෝදරයෙක් සහ යහළුවන් යැයි කියන පිරිසක් විසින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීම මේජර්වරයා හට ඔවුන් විසින් සිදු කරනු ලැබ ඇත්තේ නිරුවත් කර බවත් වාර්තා වනවා. මේජර්වරයාව නිරුවත් කර පහර දෙන ආකාරයේ දර්ශන එහි එක් අයෙකු විසින් වීඩියෝගත කර තිබෙනවා.

පසුව ඔවුන් තර්ජනය කර ඇත්තේ අදාළ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍යයට හෝ සේවය කරන කඳවුර වෙත යවන බවටයි. එය නොකිරීමට නම් මුදල් ලබාදෙන ලෙස තර්ජනය කර තිබෙනවා.

පසුව මේජර්වරයාගේ සන්තකයේ තිබූ විද්‍යුත් බැංකු කාඩ්පත් සහ එහි තිබූ රුපියල් ලක්ෂ 02කකට ආසන්න මුදලක් ද කොල්ලකරුවන් විසින් කොල්ල කා ඇති බවයි හෙළි ව ඇත්තේ.

මෙලෙස කොල්ල කෑ මුදල අදාළ සිදුවීමට අත පෙවූ පුද්ගලයින් අතර ද බෙදාගෙන තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේජර්වරයා තමන්ට ඇති වන ලැජ්ජාව ගැන බිය වී, කිසිවක් පොලිසියට දන්වා නැහැ.

නමුත් අද උදෑසන මේජර්වරයා හට ලැබුණු දූරකථන ඇමතුමකින් තර්ජනය කර ඇත්තේ ඉහත සිදුවීමට එක් වූ තවත් තරුණයෙකු විසින්.

ඔහු පවසා ඇත්තේ අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත එක් කිරීමට පෙර මුදල් යළි ලබා දිය යුතු බවටයි. නමුත් මේජර්වරයා මේ පිළිබඳ ව මොරටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම්දී තිබෙනවා.

ඉන් අනතුරුවයි වහාම ක්‍රියාත්මක වු මොරටුව පොලිසිය මෙම සිදුවීම සිදු වූ ස්ථානයට ගොස් එහි සිටි මෙවැනි ක්‍රියා සඳහා ආධාර අනුබල දුන් වයස අවුරුදු 18 හා 20 පසුවන අඹුසැමි යුවලක් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන්ගෙන් ලබාගත් තොරතුරු අනුව සිදුවීමට සම්බන්ධ තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් මීට පෙර අවස්ථා ගණනාවකදීද මාර්ගගත යෙදවුම් හරහා මෙවැනි ව්‍යාපාරික කටයුතු සඳහා විවිධ පුද්ගලයින් කැඳවාගෙන, ඔවුන් නිරුවත් කර දර්ශන ලබාගෙන පහර දී මුදල් කොල්ල කා තිබෙන බවටත් හෙළි ව තිබෙනවා.

මෙම මේජර්වරයා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන වයස අවුරුදු 37 පුද්ගලයකු බවටයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

Latest

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට...

Don't miss

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව...

රොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරි ද වැරදි...

රට තියෙන්නේ අනාගතය ගැන නොහිතන නායකයෙකුගේ අතේ

අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන, නොහිතන නායකයෙකු අත...

තනි තරුවක් සහිත තරුණ සංවිධානයක් සිය පලමු සමුලුව මහරගම පවත්වයි. අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! කරන බව සපථ කරයි!

YOUTH FOR CHEnge පළමු සමුළුව අද 2 දින මහරගම තරුණ සේවා සභාවේදී පවත්වනු ලැබීය. තරුණ ජවයක් ! අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! වෙනුවෙන් කටයුතු...

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙනු ඇති. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here