27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැස්සට කොළඹ ගස් 32ක් කඩාවැටිලා

වැස්සට කොළඹ ගස් 32ක් කඩාවැටිලා

ඊයේ (07) සවස කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වර්ෂාවත් සමඟ ඇති වූ තද සුළං හේතුවෙන් කඩා වැටුණු ගස් ඉවත් කිරීමේ කටයුතු අවසන් කර තිබේ.

ගස් කඩා වැටීම හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සහ ද්විතීයික මාර්ග කිහිපයක් අවහිර වී ඇති අතර ඊයේ රාත්‍රියේ මෙම ගස් ඉවත් කළ බව කොළඹ මහ නගර සභාව පවසයි.

කොළඹ නගරයේ පමණක් ගස් 32ක් කඩා වැටී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගස් කඩා වැටීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ කොළඹ නගරයේ මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇති විය.