― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඋතුරු පළාතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට පියවර

උතුරු පළාතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට පියවර

උතුරු පළාතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට පියවර ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

යාපනය, කිලිනොච්චි, වන්නි ඇතුළු උතුරු පළාතේ රියදුරු හා කොන්දොස්තරවරුන්ගේ හිඟය හේතුවෙන් ධාවනය මේ වනවිට ඇනහිට තිබෙන ලංගම බස්රථ නැවත ධාවනයේ යෙදවීමට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් නවක රියදුරන් 25 දෙනෙකු සහ කොන්දොස්තරවරුන් 03 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

පසුගිය කාලය පුරාවට ආර්ථිකයේ ඇති වූ දැවැන්ත පසුබෑම හේතුවෙන් ඉදිරි වසර 03ක පමණ කාලය තුළ රාජ්‍ය සේවය සඳහා කිසිදු බඳවා ගැනීමක් සිදු කිරීමේ හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා පැවසුවා.

නව බඳවා ගැනීම් සිදුකර එම පිරිස් වෙත වැටුප් ගෙවීමේ හැකියාවක් මේ මොහොතේ රජයට නොමැති බවයි ප්‍රවාහන අමාත්‍යවරයා පැමිණ සිටි පිරිස අමතමින් කියා සිටියේ.

පසුගිය වසරේ රජයේ මුළු බදු ආදායමෙන් 72% ක් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කර තිබෙන බවත්; තවත් 28%ක් සමෘද්ධි ඇතුළු අනෙකුත් සහනාධාර ගෙවීම් සඳහා වැයකොට ඇති බවත් සඳහන් කළා.

රටේ සම්පූර්ණ බදු ආදායම රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට වැය වූ බවයි හෙතෙම අවධාරණය කර සිටියේ.

එබැවින් ඉදිරියේදී රටේ සංවර්ධන ක්ෂේත්‍රය දියුණු කිරීම වෙනුවෙන් අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී අනවශ්‍ය වැයවීම් ඉවත් කරමින් කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.