27.8 C
Colombo
Monday, September 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකඩ පෙළක් එකට ගිනි ගනියි

කඩ පෙළක් එකට ගිනි ගනියි

කාත්තන්කුඩි පොලිස් වසමේ ආරියම්පති ප්‍රදේශයේ මඩකලපුව – කල්මුණේ මාර්ගයේ පිහිටි නිමි ඇඳුම් වෙළෙඳසැලක්, පරණ බඩු වෙළෙඳසැලක්, පලතුරු වෙළෙඳසැලක් හා වාහන ගරාජයක් ඇති වූ හදිසි ගින්නකින් එම වෙළෙඳසැල් විනාශ වී තිබෙනවා.

කඩ පේළියක් ගිනි ගන්නා බවට පොලිසියට ලැබුණු පණිවිඩයක් මතයි මේ වනවිට කාත්තන්කුඩි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.

ඊයේ රාත්‍රී කාලයේදී මෙම ගිනි ගැනීම සිදු ව ඇති අතර ගින්න නිවා දැමීමට පොලිසිය, මඩකලපුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කළා.

නමුත් ගින්නෙන් විශාල දේපොළ හානියක් සිදු ව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් කිසිදු තුවාලයක් හෝ ජීවිත හානියක් සිදු ව නැහැ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභය ද තක්සේරු කර නැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ.