― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකුවේටයෙන් පිටුවහල් කළ ලාංකිකයින් 26ක් දිවයිනට

කුවේටයෙන් පිටුවහල් කළ ලාංකිකයින් 26ක් දිවයිනට

නීතිවිරෝධී ලෙස වීසා නොමැති ව කුවේට් රාජ්‍යයේ රැඳී සිටිමින්, එරට විවිධ ස්ථානවල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා.

එලෙස පිටුවහල් කළ ලාංකිකයින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මෙම පිරිස කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින 2,000කට අධික ගෘහ සේවිකාවන් අතරින් කොටසක් බවත් ඉතිරි පිරිස ද කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවත් එම තානාපති කාර්යාලයීය ප්‍රකාශකවරයෙකු පැවසුවා.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය නිලධාරීන් කුවේට් රාජ්‍යයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමග මේ පිළිබඳ කටයුතු කර මෙම ගෘහ සේවිකාවන්ට එරෙහි ව පැවති නඩු ඉවත් කරවාගෙන, ඔවුන් ගෙවිය යුතු දඩ මුදල් අහෝසි කර ගැනීමට කටයුතු කර තිබෙන බවත් වාර්තා වනවා.

මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර නොමැති වූවන්ට ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබාදීමට ද කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මොවුන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන අද උදෑසන 07.05 ට කුවේට් රාජ්‍යයේ සිට මෙරටට ළඟා වුණා.