― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතැපැල්පතිගේ අණ නොතකා සේවකයෝ වර්ජනයේ

තැපැල්පතිගේ අණ නොතකා සේවකයෝ වර්ජනයේ

තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස තිබෙනවා.

ඒ තැපැල් දෙපාර්තමේන්තුව විසින් සේවකයින්ගේ නිවාඩු සියල්ල ම අවලංගු කර ඇති පසුබිමකයි.

නොවැම්බර් 8,9,10 දින තෙදින තුළ සියලු ම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ දී නිවේදනය කළේ.

නමුත් මෙම සියලු නියෝග පසෙකලා තැපැල් සේවකයෝ සිය වර්ජනය ආරම්භ කර තිබෙනවා. මෙම වර්ජනයට හේතුව වී ඇත්තේ වත්මන් රජය තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට දරන උත්සාහයට එරෙහිවයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති විසින් මෙම වර්ජනය සිදු කරනු ලබනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ‍, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති සැලසුම්වලට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

එය වහාම ආණ්ඩුව හකුළාගත යුතු බව ද ඔවුන් අවධාරණය කරනවා. තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර නිවේදනය කළේ, තැපැල් දෙපාර්තමේන්තුව සතු කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවත්, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල රජයේ ප්‍රතිපත්තිය අනුව වඩාත් ඵලදායි ආයෝජන අවස්ථාවකට ඉඩදීම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරදීමට එකඟත්වය ජනාධිපති ලේකම් වෙත දන්වා ඇති බවයි.

ඒ වෙනුවෙන් නුවරඑළිය තැපැල් කාර්යාලය පවත්වාගෙන යෑමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුදුසු ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන පොරොන්දු වී තිබෙන බවත් වාර්තා වනවා.