26 C
Colombo
Wednesday, December 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙදරු පියාගේ සිරුර කාසල්රී ජලාශයෙන් හමුවෙයි

දෙදරු පියාගේ සිරුර කාසල්රී ජලාශයෙන් හමුවෙයි

අතුරුදන්ව සිටි දෙදරු පියාගේ සිරුර කාසල්රී ජලාශයෙන් හමු වී තිබෙනවා.

මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ අද පෙරවරුවේදී බවයි හැටන් පොලිසිය පැවසුවේ.

කාසල්රී ජලාශය ගලා බසිනා ප්‍රජා ශාලාව අසල තිබියි මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ හැටන් – දික්ඔය සමරවල්ලි ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ඒ. ජයතිස්ස නම් වූ 53 හැවිරිදි අයෙක්.

බිරිඳගෙන් වෙන් වී තනිව ජීවත් වන මොහු තදින් මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු බවත් එදින සවස ද ඔහු මත්පැන් පානයට නිවසින් පිටව ගිය බවත් නිවසේ මරණකරුගේ ඥාතීන් පවසා තිබෙනවා.

නිවැසියා යළිත් නිවසට නො ආ හෙයින් ඒ පිළිබඳව ගෙහිමියන් හැටන් පොලිසිය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කාසල්රී ජලාශයේ තිබී හමු වූ මෙම මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත ඉදිරිපත් කර තිබෙනවා.