27.8 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙම් හබයක් නිසා තරුණියකගේ ගෙල කපා මරා දමලා

පෙම් හබයක් නිසා තරුණියකගේ ගෙල කපා මරා දමලා

අද (08) අළුයම හෝමාගම පොලිස් බල ප්‍රදේශයේ වයස අවුරුදු 22ක තරුණියක‍ ගෙලකපා ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ මෙම ඝාතනය සිදුකළ බවට සැකකරන පුද්ගලයා එම ප්‍රදේශයෙන් පලාවිත් රෝගී තත්ත්වයක් බව පවසමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත්ව සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල, ඇන්ඩර්න් පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවක් මුල්කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

සැකකරු අද අළුයම කළුතර නාගොඩ රෝහලට ඇතුලත්ව ඇති බවත් ඔහුගේ කමිස සාක්කුවේ ලේ පැල්ලමක් දක්නට ලැබීමෙන් පසු මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.