27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝහිණිව සතුටු කරන විදිහ මං දන්නෑ - ඒක වෙන කාට හරි කියලා...

රෝහිණිව සතුටු කරන විදිහ මං දන්නෑ – ඒක වෙන කාට හරි කියලා කරගන්න

රෝහිණි කුමාරි විජේරත්න සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත කළ ප්‍රකාශයක් හේතුවෙන් ඇයට අපහාසයක් වූ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් අද (08) පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්වයක් ඇති විය.

රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.

මේ තත්ත්වය ඇති වූයේ රොහිණී කුමාරී විජේරත්න විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පිළිතුරු දෙමින් සිටි අවස්ථාවේදීය.

විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න රැසකට විසඳුම්දී ඇති අවස්ථාවක රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ඒ ගැන සතුටු නොවීම ගැටළුවක් බවත් ඇය සතුටු කරන ආකාරය කෙසේ දැයි තමා නොදන්නා බවත් ඔහු එහිදී කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ,

රෝහිණි කුමාරි මන්ත්‍රීතුමියට වරදක් වෙලා තියෙනවා නම් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කියනවා. අනවශ්‍ය වචන තියනවනම් ඉවත් කරන්න මම නියෝග දීලා තියෙනවා. වරදක් වෙලා තියෙනවා නම් ක්‍රියාමාර්ග ගන්නවා. කතානායකතුමා ආවම හඬ පටය බලලා තීරණයක් දෙන්නම්. රටේ හැමදෙනාම පාර්ලිමේන්තුව දිහා බලාගෙන ඉන්නවා ඒ නිසා මේක අවලස්සන කරන්න එපා.