30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාර්තා අලුත් කරමින් මැක්ස්වෙල්ගෙන් ද්විත්ව ශතකයක්

වාර්තා අලුත් කරමින් මැක්ස්වෙල්ගෙන් ද්විත්ව ශතකයක්

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක් ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගත් පිතිකරුවා බවට පත්වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ග්ලේන් මැක්ස්වෙල් සමත් විය.

ඒ ඊයේ (07) ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදීය.

ග්ලේන් මැක්ස්වෙල් පන්දු 128කදී නොදැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 201කි.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාව දැවැන්ත හයේ පහර 10ක් සහ හතරේ පහර 21ක් ඇතුළත් වේ.

මැක්ස්වෙල්ට අනගි සහායක් ලබාදෙමින් පැට් කමින්ස් පන්දු 68කදී ලකුණු 12ක් රැස්කර ගත්තේය.

මැක්ස්වෙල් සහ පැට් කමින්ස්ගේ ලකුණු සබදතාව 202කි.

මැක්ස්වෙල් ප්‍රහාරාත්මක පිතිහරඹයෙන් වාර්තා කිහිපයක්ම අලුත් කිරීමට සමත් විය.