23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෂාෆ්ටර්ගේ රක්ෂණ මුදල් ගෙවීම තාවකාලිකව අත්හිටුවයි

ෂාෆ්ටර්ගේ රක්ෂණ මුදල් ගෙවීම තාවකාලිකව අත්හිටුවයි

අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ අනුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය අදාළ රක්ෂණ සමාගම්වල බලධාරීන්ට අද (08) නියෝග කළේ දිනේෂ් ෂාෆ්ටර් වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක් පමා කරන ලෙසයි.

ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට තහවුරු වී ඇති බැවින් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය අධිකරනයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමිනුයි මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළේ.