― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසෑම ගමකටම වෙන වෙනම අස්වැසුම නිලධාරියෙක්

සෑම ගමකටම වෙන වෙනම අස්වැසුම නිලධාරියෙක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ ලේකම් ප්‍රදීප් රත්නායක මහතා සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේ ඊයේ (07) පැවති සාකච්ඡාවකදී අස්වැසුම සම්බන්ධයෙන් දැනට පවතින ගැටලු නිරාකරණය කිරීමට බලධාරීන් එකග වූ බවයි.

මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අස්වැසුම සුබසාධක වැඩසටහන විධිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා ගම් මට්ටමින් නිශ්චිත නිලධාරියකු පත් කිරීමට එහිදී එකඟ වූ බවයි.

සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලබන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.