― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅධ්‍යාපනය ඩිජිටල්කරණයට ජාත්‍යන්තර සහය අපේක්ෂා කරනවා

අධ්‍යාපනය ඩිජිටල්කරණයට ජාත්‍යන්තර සහය අපේක්ෂා කරනවා

මෙරට තොරතුරු සහ සන්නිවේදනය ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් අධ්‍යාපන සම්පත් භාවිතා කිරීම සහ අධ්‍යාපනයේ ඩිජිටල් මෙවලම් වැඩි දියුණු කිරීම සඳහා තවදුරටත් ජාත්‍යන්තර සහයෝගීතාව අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

සාමාජික රටවලට යුනෙස්කෝ ක්ෂේත්‍ර කාර්යාලවල අත්‍යවශ්‍ය දායකත්වය පිළිගනිමින් ක්ෂේත්‍ර කාර්යාල ජාලය ශක්තිමත් කිරීමට රටක් වශයෙන් තමා යෝජනා කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

යුනෙස්කෝ විද්‍යා අංශය මගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්වල Sඨ්EඇM අධ්‍යාපනය සඳහා මෙවලම් කට්ටල සැපයීමට පියවර ගැනීම ද කෘතවේදී ව අගය කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, දකුණු ආසියාවේ තිරසාර ජල සම්පත් කළමනාකරණය පිළිබඳ යුනෙස්කෝ හමුව මොරටුව විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට ලැබීම අභිමානයක් බව ද ප්‍රකාශ කළා.

එමෙන් ම ශ්‍රී ලංකාව තුළ පාසල් දරුවන්ට ආතතියෙන් තොර ඉගෙනුම් පරිසරයක් ඇති කිරීම, පරිවර්තනීය අධ්‍යාපනයක් වෙනුවෙන් දරුවන් යොමු කළ හැකි පරිදි ගුරුවරුන් බලගැන්වීම සහ ඩිජිටල් දියුණුව උත්තේජනය කිරීම කෙරෙහි අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ අවධානය යොමුකර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

පසුගිය වසර 74ක කාලය තුළ යුනෙස්කෝව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට හැකිවීම පිළිබඳ සතුටට පත්වන අතර රජයේ ප්‍රමුඛ වැඩසටහන් 5ක් යුනෙස්කෝ සංවිධානයේ අරමුණු සමග එක්වෙමින් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වූ යුනෙස්කෝ සමුළුවේ 42 වැනි සැසිවාරය අමතමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අවධාරණය කළා.

මිනිසා සහ ජෛවගෝලයේ ආරක්ෂාව සම්බන්ධව යුනෙස්කෝ -ශ්‍රී ලංකා සබඳතාව පිළිබඳ අගය කරන බවත් ශ්‍රී ලංකාවේ ජෛවගෝල රක්ෂිත ලෙස ස්ථාන 34ක් නම් කර ඇති බවත් යුනෙස්කෝව ඉන් හතරක් සිය ලෝක ජාලයේ කොටසක් ලෙස පිළිගෙන ඇති බවත් එහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා, ලොව තෙත් බිම් සංරක්ෂණය වෙනුවෙන් පිහිටුවාගෙන ඇති රැම්සා සම්මුතියට අයත් අඩවි යටතට කොළඹ සහ ඒ අවට තෙත්බිම් ද අයත්ව ඇති බවයි පෙන්වා දුන්නේ.

දඹුල්ල ලෙන්විහාරයේ, ගඩලාදෙනියේ සහ දෙගල්දොරුව විහාරවල බිතුසිතුවම් සංරක්ෂණයට යුනෙස්කෝ සංස්කෘතික අංශය විසින් ලබාදුන් සහයෝගය පිළිබඳව ද, 2003 සහ 2005 වසරවල ලබාදුන් ධාරිතා සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද අමාත්‍යවරයා සමුළුව අමතමින් සිය කෘතවේදීත්වය පළ කර තිබෙනවා.

සමාජ සහ මානව විද්‍යා ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරකම් ලෙස ආසියානු කලාපීය අන්තර් සංස්කෘතික සංවාදය සක්‍රීය කිරීම සඳහා වූ යුනෙස්කෝ රාමුව සහ එහි ගෝලීය වාර්තාව ඉදිරිපත් කිරීම පසුගිය ජූනි මාසයේ දී කොළඹදී පැවැත්වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබුවා.