26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලුතින් පත්වූ තානාපතිවරුන් උතුරේ සංචාරයක

අලුතින් පත්වූ තානාපතිවරුන් උතුරේ සංචාරයක

විදෙස් රටවල් කිහිපයකට අලුතින් පත්කරන ලද තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් උතුරු පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.

ඔවුන් එම සංචාරයේදී උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියද හමුවී සාකච්ඡාවක නිරත වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එහිදී උතුරු පළාතේ උතුරේ වර්තමාන තත්වය, ජනතාවගේ දෛනික කටයුතු සහ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව ආණ්ඩුකාරවරිය විසින් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කළාය.

එමෙන්ම උතුරු පළාතේ නැවත පදිංචිවීම් සහ බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු ආදිය පිළිබවද සාකච්ඡා කර ඇති අතර ඒ අනුව යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳවද අවධානයට ලක්විය.