― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉන්දියාව හා චීනය වෙනුවෙන් මහ කොමසාරිස්වරයෙක් පත් කරන්න - නාමල්

ඉන්දියාව හා චීනය වෙනුවෙන් මහ කොමසාරිස්වරයෙක් පත් කරන්න – නාමල්

ඉන්දියාව සහ චීනය සඳහා ස්ථිර මහ කොමසාරිස්වරයෙකු හෝ තානාපතිවරයෙකු පත් කිරීම කඩිනම් කිරීමට මැදිහත් වන ලෙස විදෙස් කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී උපදෙස් ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් මෙම උපදෙස් ලබාදෙනු ලැබූ බවයි.

චීන හා ඉන්දීය කොමසාරිස් හෝ තානාපති ධුර සඳහා ඇති පුරප්පාඩු කඩිනමින් පුරවාලීමට අවශ්‍ය කරන කටයුතු සිදු කරන ලෙසටද මන්ත්‍රීවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම විශේෂ සාකච්ඡාවට මෙරට සහ ඊජිප්තුවේ ද්විපාර්ශ්වික සබඳතා සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා ඊජිප්තු තානාපති මජීඩ් මොස්ලේ කාරක සභාවට ස්වේච්ඡාවෙන් සහභාගී වූ බවයි.

ශ්‍රී ලංකාව සමග සමීප සබඳතා පවත්වන බලවත් රාජ්‍යයන් ද්විත්වයක් වන ඉන්දියාව සහ චීනය සඳහා මෙරට තානාපතිවරුන් පත් කිරීම කඩිනමින් සිදුවිය යුතු බැවින් ජනාධිපති ලේකම් කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් එම කටයුතු සිදු කරන ලෙස ද කමිටු සභාපතිවරයා දැනුම්දී තිබෙනවා.