23.9 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායලයේදී මියගිය දෙවන ශ්‍රී ලාංකිකයාගේ දේහය දිවයිනට

ඊශ්‍රායලයේදී මියගිය දෙවන ශ්‍රී ලාංකිකයාගේ දේහය දිවයිනට

ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මිය ගිය සුජිත් යටවර බණ්ඩාරගේ දේහය අද (09) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙනවිත් තිබේ.

මෙලෙස ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් මියගිය දෙවන ශ්‍රී ලාංකිකයා වන්නේ මොහුයි.

මෙම දේහය ඊශ්‍රායලයේ සිට ඩුබායි වෙත රැගෙන විත්, එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 579 දරන ගුවන් යානයෙන් අද උදෑසන 08.37ට කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන පැමිණ තිබුණි.

මෙම දේහය භාර ගැනීම සදහා සුජිත් යටවර බණ්ඩාරගේ බිරිඳ ජයනි මධුවන්ති, 13 හැවිරිදි දුව, 09 හැවිරිදි පුතා, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් දිනේෂ් ප්‍රියන්ත, හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ පරිපාලන නිලධාරී අශෝක ප්‍රේමසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

මොහුගේ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (11) වෙන්නප්පුව, තුලාවෙල, මඩවලපිටිය පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.