29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඑක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද

එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද පැවැත්වෙනවා.

ඒ නවසීලන්තයට එරෙහිවයි. අද තරගය නවසීලන්තයේ ද අවසන් තරගය වනු ඇති.

අද පස්වරු 02ට මෙම තරගය බැන්ගලූරු හි දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ වනවිට නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග 08න් තරග 04ක් ජයගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු 08ක් හිමිකරගෙන තිබෙන්නේ සටහනේ සිව්වැනි තැනට ද හිමිකම් කියමින්. නමුත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු පුවරුවේ හිමි ව ඇත්තේ 09 වැනි ස්ථානයයි.

ඒ ඔවුන් මුහුණ දුන් තරග 08න් 06ක් ම පරාජයට පත්වීම හේතුවෙන්. එබැවින් මේ වනවිටත් මෙවර එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් ම එළියට විසි වී සිටින ශ්‍රී ලංකාවට ලැජ්ජාවෙන් බේරීමට තවදුරටත් අවශ්‍ය වන්නේ නම් අද තරගය කෙසේ හෝ ජයගත යුතු වනවා.