32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsක්‍රිකට් වගේම ජාතික ප්‍රශ්නවලදීත් අපි එකට එකතු වෙමු

ක්‍රිකට් වගේම ජාතික ප්‍රශ්නවලදීත් අපි එකට එකතු වෙමු

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එකතුවුණා වගේ රටට බලපාන ජාතික ප්‍රශ්නවලදීත් පාර්ලිමේන්තුවම එකතු වී කටයුතු කළ යුතු බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදීය.

ක්‍රිකට් බෝඩ් එක විසුරුවා හැරීම ගැන කැබිනට් මණ්ඩලය දන්නේ නැහැ. කැබිනට් අනුකමිටුවක් පත් කළේ ක්‍රීඩා ඇමතිතුමාගේ අඩු පාඩු හොයන්න‍ නෙමෙයි. ඒ අනු කමිටුව පත් කළේ මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන් පුළුවන්ද කියල හොයන්නයි. දැන් අපි මේ යෝජනාවට විරුද්ධ වුණා කියල වැරදි මතයක් හදන්න හදනවා.

මේ යෝජනාව ගෙනාවට විපක්ෂ නායකතුමාට ස්තූතිවන්ත වෙනවා. අපි පක්ෂ නායක රැස්වීමේදී කාටත් එකඟ වෙන්න පුළුවන් විදියට මේ යෝජනාව ගෙනාවා. දැන් අපිට කරන්න දෙයක් නෑ. බෝඩ් එක ඉල්ලා අස්වෙන්නෙත් නෑ. අපිට ඉවත් කරන්නත් බැහැ. ඒ නිසා මේ පනත වෙනස් කරන්න ඕන කියල යෝජනාව ගෙනාවේ ජනාධිපතිතුමා.

ජනාධිපතිතුමා හා එතුමාගේ නිලධාරීන් මේකට විරුද්ධයි කියල කිව්වා. එහෙම විරුද්ධ නම් මොකටද ජනාධිපතිතුමා මේ‍ යෝජනාව ගේන්නේ. ඔය දේශපාන බලවේලයේ කුහකත්වය හැම තිස්සෙම පෙන්වනවා.”