26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකේරළ ගංජා සමඟ අයෙක් STF අත්අඩංගුවට

කේරළ ගංජා සමඟ අයෙක් STF අත්අඩංගුවට

කේරළ ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන විශේෂ කාර්‍යය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විශේෂ කාර්‍යය බලකා නිලධාරීන් මීගමුව – ගල්කන්ද හන්දියේ සිට මිනුවන්ගොඩ දෙසට මීටර් 100ක් පමණ දුරින් වූ ප්‍රදේශයකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, ඔහු සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 107ක් සොයාගෙන තිබෙනවා.

මොහු මෙම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට ප්‍රවාහනය කරමින් සිටියදියි කටියල – දෙමන්හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි වියෙහි පසුවන අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.