නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කළ බවයි.
මේ තත්ත්වය පිළිබඳ දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසත් අතුරු මාර්ග භාවිත කරන පුද්ගලයින් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.