28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපන් සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

ජපන් සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගත් පුද්ගලයෙකු ව සහ වලංගු බලපත්‍රයක් නොමැති ව ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය අයෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද දහවල් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි.

ජපානයේ රැකියා ලබාදෙන පවසා තමන්ගෙන් රුපියල් 9,35,000 ක මුදලක් ලබාගත් නමුත් මේ වනතුරු රැකියාව නොලැබුණු බවට වන පැමිණිල්ලක් මතයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව මුදල් ලබාගත් බව කියන නුවරඑළිය – කදපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අද විදේශ සේවා නියුක්ති කාර්යංශයට කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.

එම අවස්ථාවේදීයි අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. මේ අතර කටුනායක ඩබ්ලිව්.ඒ ද සිල්වා මාවතේ පවත්වා ගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක්ද ඊයේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් වටලනු ලැබුවා.

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 20ක්, රැකියා ලබාදීමට අදාළ ලිපි ගොනු 31 ක් සහ රැකියා අයදුම් පත්‍ර 05 ක් ද වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගෙන තිබෙනවා.

එම ව්‍යාජ විදේශ රැකියා ස්ථානය පවත්වාගෙන ගිය බව කියන මීගමුව – දළුපොත පදිංචිකරුවෙකු ද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මාලිගාවත්ත සහ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.