27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් වර්ජනය අද මැදියම් රැයෙන් අවසන්

තැපැල් වර්ජනය අද මැදියම් රැයෙන් අවසන්

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය විසින් අරඹන ලද වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් පසුව අවසන් වනවා.

ඒකාබද්ධ වෘත්තීය සමිතිය සඳහන් කළේ මෙය සංකේත වැඩ වර්ජනයක් බවත්, රජය අදාළ අයහපත් තීරණ හකුළා නොගන්නේ නම් එය තවදුරටත් ඉදිරියේදී වර්ජිතව සිටීමට කටයුතු කරන බවයි.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩ වර්ජනය පැය 48ක කාලයක් පුරාවට පැවැතුණා. මීට හේතුව වූයේ නුවරඑළිය තැපැල් කාර්‍යාලය විකිණීමට රජය ගෙන තීරණයට එරෙහිවයි.

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ අරමුණිනුයි මෙලෙස රජය විසින් විකිණීමට සූදානම් ව ඇති බවට ඒකාබද්ධ වෘත්තීය සමිතිය චෝදනා කළේ.

නමුත් ඊයේ රාත්‍රියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

තැපැල් වර්ජනය ආරම්භ වීමට පෙරාතුව තැපැල් දෙපාර්තමේන්තු නිවේදනය කළේ සියලු ම තැපැල් සේවකයින්ගේ නිවාඩු දින 03කට අවලංගු කර ඇති බවයි.

කෙසේවෙතත් සිය ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට බලධාරින් ඉදිරියේ දී කටයුතු නොකරන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ ව සිදු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර අවධාරණය කර තිබෙනවා.