29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමාස 10කදී පුද්ගලයින් 5156ක් ඇස් දන්දීලා

මාස 10කදී පුද්ගලයින් 5156ක් ඇස් දන්දීලා

මේ වසරේ පළමු මාස 10 ක කාලය තුළ පුද්ගලයන් 5156 දෙනෙකු ඇස් දන්දී තිබෙන බව ජාතික අක්ෂිදාන සංගමය පවසයි.

අක්ෂිදාන සංගමයේ ලේකම් සම්පත් ද සිල්වා සඳහන් කළේ මෙලෙස පරිත්‍යාග කළ ඇස් ශ්‍රී ලාංකිකයන් 977 දෙනකුටත්, විදේශිකයන් 2468 දෙනෙකුටත් වශයෙන් පුද්ගලයන් 3445 දෙනෙකුට බද්ධ කර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණක් විවිධ අනතුරුවලින් මියගිය පුද්ගලන්ගේ අක්ෂි 606ක් ලැබී ඇති අතර ඉන් මෙරට පුද්ගලයන් 118 කට සහ විදේශිකයන් 326 කට අක්ෂි බද්ධ කිරීම් සිදුකර තිබෙන බවයි.

එමෙන්ම මේ වනවිට රටේ ජනගහනයෙන් සියයට දහයකට, එනම් ලක්ෂ විසි දෙකක් ඉක්මවූ පිරිසක් දෑස් දන්දීමට පොරොන්දු පත්‍ර ලබාදී ඇති බවයි ලේකම්වරයා පැවසුවේ.