29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරිමාන්ඩ් භාරයේ සිටි ඉන්දීය ධීවරයින් 38කට නිදහස

රිමාන්ඩ් භාරයේ සිටි ඉන්දීය ධීවරයින් 38කට නිදහස

තලෙයිමන්නාරම මුහුදු තීරයේ සිදුවූ සිද්ධීන් දෙකකදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඉන්දීය ධීවරයින් 38 දෙනා මන්නාරම අධිකරණය විසින් අද (09) නිදහස් කර තිබේ.

පසුගිය මස 16 වැනිදා තලෙයිමන්නාරම මුහුදු තීරයේදී බෝට්ටු 2ක් සමඟ ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු සහ පසුගිය 29 වනදා බෝට්ටු 3ක් සමඟ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ධීවරයින් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඉන්දිය ධීවරයින් 38 දෙනා මන්නාරම අධිකරණයට අද (09) යළි ඉදිරිපත් කර තිබේ.

එම ධීවරයින්ට එරෙහිව චෝදනා තුනක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එක් චෝදනාවකට මාස 6 බැගින් වූ සිරදඬුවම් නියම කෙරුණු අතර මෙම නඩුවේදී එම ධීවරයින්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ.

එමෙන්ම එම බෝට්ටු 5හි හිමිකරුවන් දෙසැම්බර් මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඉන්දීය කොන්සල් කාර්යාලය හරහා බෝට්ටු හිමියන්ට දැනුම් දෙන ලෙසද නියෝගයක් නිකුත් කර තිබෙනවා.