24.7 C
Colombo
Sunday, October 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවර්ජනයෙන් ලක්ෂ විස්සක ලිපි සහ භාණ්ඩ සිරවෙලා

වර්ජනයෙන් ලක්ෂ විස්සක ලිපි සහ භාණ්ඩ සිරවෙලා

තැපැල් වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ අනෙකුත් තැපැල් ස්ථානවල ලිපි සහ භාණ්ඩ ලක්ෂ 15 -20ත් අතර ප්‍රමාණයක් සිර වී ඇති බව වාර්තා වෙයි.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ ඇරඹුණු මෙම වර්ජනය අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.

මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිලි සංචාරක හෝටල් ආරම්භ කිරීම සදහා ලබාදීමට විරෝධය පළ කරමිනුයි තැපැල් වෘත්තීය සමිති මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ සිය ගැටලු‍වට විසඳුම් ලබාදීමට බලධාරින් කටයුතු නොකරන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.