29 C
Colombo
Saturday, December 9, 2023

තැපැල් වර්ජනය අවසන්

පැය 48ක් පුරා පැවති තැපැල් සේවක වර්ජනය ඊයේ මැදියම් රාත්‍රියෙන් අවසන් කෙරුණා.

ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේ මෙම වැඩ වර්ජනය නවතන්නේ ආණ්ඩුව සිය තීරණ හකුළාගන්නේ නම් පමණක් බවයි.

ඊට ආණ්ඩුව අපොහොසත් වුවහොත්, ඉදිරියේදී මීට වඩා පියවර ගන්නා බව ද තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිතිය අවධාරණය කර සිටියා.

මේ අතර නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ඉන්දියන් සමාගමකට ලබාදීමට විරෝධය පාමින් නුවරඑළිය නගර මධ්‍යයේ දැවැන්ත උද්ඝෝෂණයක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය (04) දින පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ‘තැපැල්පතිවරයා තනතුරෙන් ඉවත් කරනවා’ යනුවෙන් බියවද්දා නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දියන් සමාගමකට ලබාදීමට එකඟතාව ලබාගෙන ඇති බවයි.

ඊට විරෝධය පාමිනුයි මෙම විරෝධතාව ඊයේ පැවැත්වුණේ. උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස කියා සිටියේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නුවරඑළිය තැපැල් කාර්යාලය අත්තනෝමතික ලෙස ඉන්දියානු සමාගමකට හෝටලයක් පවත්වාගෙන යෑම සඳහා විකිණීමට ගෙන ඇති තීරණය හකුළා ගන්නා තුරු මෙම උද්ඝෝෂණය අඛණ්ඩ ව ක්‍රියාත්මක කරන බවයි.

වර්තමාන ජනාධිපතිවරයාගේ මුදල් සෙවීමේ ක්‍රියාපටිපාටිය තුළ සුලබ වශයෙන් දක්නට ලැබෙන ක්‍රියාවක් ලෙස රටේ දේපළ විකුණා දැමීම හැඳින්විය හැකි බව ද උද්ඝෝෂකයින් කියා සිටියා.

ජනතාවට කිසිදු වැඩකට නැති දේපොළ ගණනාවක් නුවරඑළිය නගරයේ ඇති බවත්; ඒ අතර නුවරඑළිය ජනාධිපති මැදුර ආදිය හැඳින්විය හැකි බව ද ඔවුන් පෙන්වාදෙනවා.

ජනතාවට හෝ රටට හෝ කිසිදු ආදායමක් ගෙන නොදෙන නුවරඑළිය ජනාධිපති මැදුර මෙලෙස හෝටලයක් කරන ලෙස ලබා දෙන ලෙසත්, ජනතාවට සහ රටට වැඩක් ඇති තැපැල් කාර්යාලයට එවැනි බලපෑම් ඇති නොකරන ලෙස ද විරෝධතාකරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මෙම උද්ඝෝෂණයට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන තැපැල් හා විදුලි සංදේශ වෘත්තීය සමිති නියෝජිතයන්, තැපැල් සේවකයන්, රාජ්‍ය සේවක වෘත්තීය සමිති නියෝජිතයන් , ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් , නුවරඑළියෙ ඒකාබද්ධ වෙළෙඳ සංගමයේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව, නීතිඥ සංගම් නියෝජිතයන් හා සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක් ව සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

Latest

පස් කණ්ඩියට යටවූ පිරිස බේරාගන්නා මෙහෙයුම

#karapitiya #hospital #sad #news #dasatha #thidasa #madyawediya #lk #srilanka...

ලංකාවේ උසම මඤ්ඤොක්කා ගහ බදුල්ලෙන් හමුවෙයි

#badulla #tree #worldrecord #news #haliela #voice #dasatha #madyawediya #srilanka...

කංචන සහ විමල් සැරටම අමතගනී

#vimal #kanchana #parliament #news #light #madyawediya #dasatha #thidasa #srilanka...

Don't miss

මාධ්‍යවේදීන්ට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න

මිනිසෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් ලබාදීමට...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

කෝටි 07ක් හා පිස්තෝලයක් සමඟ පිරිසක් රිමාන්ඩ්

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ රුපියල් කෝටි 7 අධික මුදලක් සන්තකයේ තබා ගෙන කොළඹ මල් පාරේ සිනමන් රෙඩ් හෝටලයේ රැඳී සිටීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයින් හත්දෙනෙක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් 07 දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ලැබුණු බව බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා...

සුරාසැල් ඇරෙන වැසෙන වේලාවේ වෙනසක්

දිවයින පුරා පිහිටි සුරාසැල් විවෘත කරන සහ වසා තැබෙන වේලාවන් හෙට (09) සිට වෙනස් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මුදල් ආර්ථික ස්ථායිකාරන සහ ජාතික...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here