― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsBusinessඉදිරි වසරේ ආහාර උද්ධමනය තවත් පහළට

ඉදිරි වසරේ ආහාර උද්ධමනය තවත් පහළට

ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එසේම ආහාර ද්‍රව්‍යවල මිල 2024 වර්ෂයේ දී කොපමණ දුරට පාලනය කල හැකි ද යන්න පිළිබඳව වැටහීමක් ලබාගැනීම සඳහා මේ වන විට ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් වාර්තා කැඳවා තිබෙන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

ආහාර මිල සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අප විසින් අවධානය යොමු කළ කාරණා කිහිපයක් තිබෙනවා. ඒ වගේම තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කිරීමේදී රටට අවශ්‍ය බදු ප්‍රමාණය රැස් කරගැනීම සඳහා ද තීන්දු කිහිපයක් ගැනීමට සිදුවුණා. එහිදී මුදල් අමාත්‍යාශය විසින් සීනි සඳහා ශත 25ක් ලෙස පැවති බද්ද රුපියල් 50 දක්වා යළි වැඩි කරනු ලැබුවා. එහිදී පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 275ක පාලන මිලක් හඳුන්වාදීමට ද කටයුතු කළා.

ඒ වගේම සීනී ආනයනයකරුවන් 14 දෙනාගෙන් 12 දෙනෙකු සතුව අවශ්‍ය සීනි තොග පවතින බව ද දැනුම් දී තිබෙනවා. එම සීනි තොග අවසන් වන තුරු ඔවුන්ගේ ගබඩා පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් විසින් දිනපතා නිරීක්ෂණය කරනවා. සීනී සඳහා වන පාලන මිල වන රුපියල් 275ට වැඩියෙන් අලෙවි කරන වෙළඳුන් වැටලීම සඳහා ද නිළධාරින් දැනුවත් කර තිබෙනවා.

ඒ වගේම මෙරට තුළ සිදුකරමින් තිබෙන ආහාර නිෂ්පාදන ප්‍රමාණය කොපමණ ද ? ඉන් කොපමණ ප්‍රමාණයක් වෙළඳපලට නිකුත් කෙරෙනවා ද ? ඒවා වෙළඳපලට නොලැබීම තුළ පාරිභෝගිකයාට කොපමණ මිල වැඩිවීමකට මුහුණ දීමට සිදුවනවා ද ? යන්න පිළිබඳව අප මේ දිනවල පරීක්ෂා කරමින් සිටිනවා. උදාහරණයක් ලෙස 2024 වර්ෂයේ දී සහල් මිල සම්බන්ධයෙන් අප මේ දිනවල පුරෝකතන සිදු කරනවා.

ඒ වගේම අප අමාත්‍යාංශය විසින් ධීවර, කෘෂිකර්ම සහ පශු සම්පත් අමාත්‍යංශය වෙතින්ද මේ ආකාරයටම වාර්තා කැඳවා තිබෙනවා. ඒ හරහා රට තුළ ආහාර සුරක්ෂිතතාවය කොපමණ දුරට පවත්වාගෙන යාහැකි ද, සහ 2024 වර්ෂයේ දී කොපමණ දුරට මිල පාලනය කල හැකි ද යන්න ඇතුළු තවත් සංවේදී දත්ත පිළිබඳව වැටහීමක් ලබාගැනීමට ද බලාපොරොත්තු වනවා. මේ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි වර්ෂය සඳහා පාරිභෝගිකයාට සහතිකයක් ලබාදිය හැකි වනවා. ඒ වගේම භාණ්ඩ ආනයනය සම්බන්ධව ද අවබෝධයක් ලබාගත හැකියි. මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට අවස්ථාව ලැබීම තුළින් ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව විශ්වාස කළ හැකියි.”