30 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋදුවප් පොහොයෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි

උදුවප් පොහොයෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි

එලැඹෙන දෙසැම්බර් මස 26 වැනිදාට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වෙයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (09) නල්ලතන්නිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබූ අතර ඊඉට ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යායේ කුලපති සබරගමු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ද සහභාගී වී තිබෙනවා.

ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී පාද වන්දනාවට පැමිණීමේදී එක්වරක් පමණක් භාවිතයට ගන්නා භාණ්ඩ රැගෙන ඒමෙන් වළකින ලෙසයි.