27.2 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගම්පොළ නිවසක අභිරහස් කාන්තා මළ සිරුරක්

ගම්පොළ නිවසක අභිරහස් කාන්තා මළ සිරුරක්

නිවසක් තුළ කාන්තාවක් අභිරහස් ලෙස ඝාතනය කිරීමේ පුවතක් ගම්පොළ, නවදෙවිට ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (09) ගම්පොළ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 63 ක් වන නවදෙවිට, ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලීසිය පැවසුවේ.

දියණිය රැකියාව සඳහා පිටව ගිය පසු අදාළ කාන්තාව තනිවම නිවසේ සිට ඇති අතර දියණිය රැකියාව නිමකර නිවසට පැමිණ සිය මව සම්බන්ධයෙන් සොයා බැලීමේදී නිවසේ ඇඳක් යට ගෙලෙහි බැඳි පටියක් ද සහිතව මියගොස් ඇති තම මවගේ සිරුර හමු වූ බවයි ඇය පොලීසිය හමුවේ සඳහන් කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.