26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටයිටැනික් නෞකාවේ රාත්‍රී ආහාර මෙනුව වෙන්දේසියට

ටයිටැනික් නෞකාවේ රාත්‍රී ආහාර මෙනුව වෙන්දේසියට

ටයිටැනික් නෞකාවේ විපතට පෙර එහි පළමු පන්තියේ මගීන්ට ලබා දුන් රාත්‍රී භෝජන ලැයිස්තුව වෙන්දේසි කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නෞකාවේ ගමන් කළ කැනේඩියානු ඉතිහාසඥ ලෙන් ස්ටීවන්සන් සතුව ටයිටැනික් නෞකාවේ පළමු පන්තියේ මගීන්ට ලබා දුන් ආහාර ලැයිස්තුවක් තිබූ බවයි වෙන්දේසිකරු ඇන්ඩෲ ඕල්ඩ්‍රිජ් පවසන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ 2017 වසරේ ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ බඩු බාහිරාදිය බලා ගෙන තිබෙන්නේ ඔහුගේ දියණිය සහ ලේලිය වන අතර ඉන්පසුව ඔවුන් ටයිටැනික් නෞකාවේ සේවය කළ ආහාර ලැයිස්තුව සොයා ගෙන ඇති බවයි.

වෙන්දේසිකරු පවසන්නේ එය පවුම් 70,000 ක් හෝ ඩොලර් 86,000 ක් දක්වා අලෙවි කිරීමට අපේක්ෂා කරන බවයි.

ටයිටැනික් නෞකාව 1912 අප්‍රේල් 15 වැනි දින අත්ලාන්තික් සාගරයේදී අයිස් කුට්ටියක ගැටීමෙන් ගිලී ගිය අතර එම අනතුරින් මගීන් 1500කට වැඩි පිරිසක් මිය ගියේය.