― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදිනකට පැය 04ක් ගාසා තීරයේ මෙහෙයුම් නවතී

දිනකට පැය 04ක් ගාසා තීරයේ මෙහෙයුම් නවතී

දිනකට පැය 04ක කාලයක් උතුරු ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නතර කිරීමට ඊශ්‍රායලය එකඟ වී තිබෙනවා.

ධවල මන්දිරය ප්‍රකාශ කළේ ඊශ්‍රායලය මේ වනවිට ඊට එකඟ වී ඇති බවයි.

දහස් ගණනකට මරු කැඳවූ සහ කලාපීය ගැටුම් පිළිබඳ භීතිය අවුස්සමින් මාසයකට වැඩි කාලයක් පැවති සටනින් පසු ව විවේකයක් බලාපොරොත්තුවෙනුයි මෙම තීරණයට එළඹීමට ඊශ්‍රායලය එකඟ වී ඇත්තේ.

නමුත් දිනකට පැය 04ක් යුද මෙහෙයුම් නතර කිරීමට ඊශ්‍රායලය එකඟ වුව ද, ගාසා තීරයේ මිලිටරි මෙහෙයුම් මුහුදු වෙරළ තීරයේ සිදු කිරීම්වල නම් නිමාවක් නොමැති බවයි ධවල මන්දිරය අද නිවේදනය කර ඇති බවට රොයිටර්ස් වාර්තා කරන්නේ.

මිනිස් ජීවිත බේරා ගැනීමට සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා මානුෂීය කොරිඩෝ දෙකක් තැබෙන බවත්, ඊට ලැබුණු අවස්ථාවක් ලෙස දිනකට පැය 04 විරාමය හැඳින්විය හැකි බවත් ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවා.

නමුත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු යෝජනා කළේ ඕනෑම විරාමයක් වෙනස් වීමට ගත වන්නේ සුළු වේලාවක් බවත් නිල විරාමයක් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි.