― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsදිනන පරදින එක අපිට පාලනය කරන්න බැහැ - කුසල්

දිනන පරදින එක අපිට පාලනය කරන්න බැහැ – කුසල්

තරග ජයග්‍රහණය හෝ පරාජය කණ්ඩායමකට පාලනය කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නායක කුසල් මෙන්ඩිස් පැවසීය.

2023 ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් අවසනාවන්ත ලෙස ඉවත් වීමට සිදුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අළුයම දිවයිනට පැමිණි අතර එම අවස්ථාවේදීයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුසක් මෙන්ඩිස් මේ බව සඳහන් කළේ.

කණ්ඩායමක් ලෙස උපරිමයෙන් ක්‍රීඩා කළත් අවාසනාවන්ත ලෙස තරග පරාජය වීමට සිදුවූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

තරගාවලිය ගැන ඇත්තටම මට ටිකක් කණගාටුයි. හොඳින් ඉවර කරගන්න බැරි වුණා. ඒ ඇරෙන්න මට කියන්න වෙන ලොකුදෙයක් නැහැ. අපි පටන් ගනිද්දි හොඳට පටන් ගත්තා. මැච් පරදිනකොට අපි බැලුවා මොකක්ද කරන්න පුළුවන් කියලා. කණ්ඩායමක් විදියට පුළුවන් උපරිමය කරන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. කණ්ඩායමේ එකමුතුකමක් තිබුණේ නැහැ කියන එක ගැන මම ගොඩක් හිතන්නේ නැහැ. හැමෝම බැලුවේ තරගය දිනන්න තමයි.