― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබංග්ලාදේශයෙන් මෙරටට ජීවිතාරක්ෂක ඖෂධ තොගයක්

බංග්ලාදේශයෙන් මෙරටට ජීවිතාරක්ෂක ඖෂධ තොගයක්

බංග්ලාදේශයේ ඖෂධ කර්මාන්ත සංගමය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලද කිලෝ 1,000ක පමණ බරකින් යුත් තවත් ජීවිතාරක්ෂක ඖෂධ තොගයක් නොමිලේ මෙරටට රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

මෙය විදේශ රජයන් හා සංවිධාන මගින් මෙරටට පරිත්‍යාග කරනු ලබන අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගාස්තු අයකිරීමකින් තොරව මෙරටට රැගෙන එමින් ජාතික මෙහෙවරකට උරදීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය දරන උත්සාහයේ තවත් පියවරක් බවයි එම සමාගම නිවේදනය කළේ.

බංගලාදේශය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද ඖෂධ, එරට ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් වන Beximco Pharma, Square, Incepta, Renata, Unimed Unihealth, Healthcare, Beacon, Acme, Synovia Pharma සහ Nuvista Pharma මගින් නිෂ්පාදන කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සහයෝගයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 190 දරන ගුවන් යානයෙනුයි මෙම ඖෂධ තොගය මෙරටට රැගෙන එනු ලැබුවේ.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රධානී චමින්ද පෙරේරා වැඩිදුරටත් මෙසේද පැවසීය.

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය යම් යම් ගැටලුවලට මුහුණ දී සිටින මෙවන් මොහොතක, අවස්ථාවක් ලැබුණු සැණින් අපට හැකි උපරිමයෙන් රටටත් ජනතාවටත් අපගේ සහයෝගය ලබාදීමට අප සූදානම්. අතීතයේ පටන් අවස්ථා රාශියකදී ලොව විවිධ රටවල් හා සංවිධාන පරිත්‍යාග කළ ඖෂධ තොග මෙලෙස දිවයිනට රැගෙන ඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා. ඉදිරියේදීත් මෙලෙසින්ම ශ්‍රී ලංකාවේ ජීවිතාරක්ෂක ඖෂධ තොග නිසි පරිදි පවත්වාගැනීමට දායක වීමට අප සූදානම්.”