29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබණ්ඩාරවෙලදී ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

බණ්ඩාරවෙලදී ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

බණ්ඩාරවෙල – වැලිමඩ ප්‍රධාන මාර්ගයේ උඩආරාව ප්‍රදේශයේදී වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද (10) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් ටිපර් රථයේ රියදුරු සහ තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ටිපර් රථය වැලිමඩ දෙස සිට බණ්ඩාරවෙල දෙසට ගමන් කරමින් තිබිය දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයටද පැය කිහිපයක් බාධා එල්ල වී තිබූ බවයි වාර්තා වුණේ.