28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහලු කාන්තාවක් එළොව යැවූ තිදෙනෙක් අත්අඩංගුවට

මහලු කාන්තාවක් එළොව යැවූ තිදෙනෙක් අත්අඩංගුවට

යාපනය වඩමාරච්චි, අල්වායි ප්‍රදේශයේ නිවසක තනිව පදිංචි වී සිටි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ දියණිය, ඇගේ ස්වාමි පුරුෂයා හා ඝාතනයට ලක් වූ කාන්තාවගේ නිවසේ සිටි මෙහෙකාරියයි.

පොලීසිය පැවසුවේ මොවුන් තිදෙනා ඊයේ (09) අත්අඩංගුවට ගෙන ගත් බවයි.

පසුගිය ඔක්තෝම්බර් 04 වැනිදා එම නිවසේ සිටි මහලු කාන්තාවගේ මළ සිරුර පොලිසිය විසින් සොයා ගත් අතර පරීක්ෂණවලදී අනාවරණය වූයේ එය ඝාතනයක් බවයි.

මියගිය කාන්තාවගේ ඇදේ ඇතිරිල්ලක් ගිනි තබා විනාශ කොට තිබියදී සොයා ගැනීමට පොලීසියට හැකි වූ අතර මුගුරක් හා මොට ආයුධයක්ද හමු වී තිබේ.

පොලිසිය පවසන්නේ මෙම පිරිස මහලු කාන්තාවගේ මිලමුදල්, දේපල හා නිවස ලබා ගැනීමේ අරමුණින් මෙහෙකාරියගේ සහය ඇතිව මෙම ඝාතනය සිදු කර ඇති බවයි.