24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට පුරුෂයින්ගේ මධ්‍යසාර භාවිතය ගැන අනාවරණයක්

මෙරට පුරුෂයින්ගේ මධ්‍යසාර භාවිතය ගැන අනාවරණයක්

මෙරට පුරුෂ ජනගහනයෙන් සියයට 35ක් මද්‍යසාරවලට ඇබ්බැහි වී ඇති බවට නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසිනුයි මෙම දත්ත නිකුත් කර ඇත්තේ.

විවිධ මද්‍යසාර සමාගම් විසින් මිනිස් ධනය සූරා කමින් ඔවුන්ව මතට ලොල් කර ආදායම් උපයන බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.

මද්‍යසාර අතරින් වැඩිපුරම භාවිත වන්නේ අරක්කු බවත්, බියර් වර්ග දෙවැනි ස්ථානය ගන්නා බවත් හෙළිව ඇති අතර එක් පුද්ගලයෙකු පාවිච්චි කරන මද්‍යසාර ප්‍රමාණය ලීටර් 4.3ක් බවයි වාර්තා වන්නේ.

රටේ ආදායම වැඩි කරගැනීමට අවශ්‍ය නම්, මද්‍යසාර බදු මුදල් ප්‍රමාණය ඉහළ දැමිය යුතු බව ද ඔවුන් පෙන්වා දෙනවා.