― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරෝගීන් බැලීමට රෝහලට එන අයගේ ත්‍රිරෝද රථ සොරකම් කරලා

රෝගීන් බැලීමට රෝහලට එන අයගේ ත්‍රිරෝද රථ සොරකම් කරලා

මාස කිහිපයක සිට පානදුර මූලික රෝහලට රෝගීන් බැලීම සඳහා පැමිණෙන පුද්ගලයින්ගේ ත්‍රිරෝද රථ සොරාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය සිදුකළ සිදු කළ විමර්ශනයක දී එම ත්‍රිරෝද රථ සොරාගත් පුද්ගලයා කළුතර අපරාධ කොට්ඨාසය මඟින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් මෙලෙස සොරාගන්නා ලද ත්‍රිරෝද රථ මුහුණු පොත හරහා ඇඹිලිපිටිය, රත්නපුර, ගාල්ල වැනි ප්‍රදේශවලට අලෙවිකර ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

මෙලෙස අලෙවිකරන ලද ත්‍රිරෝද රථවලින් හතරක් මේ වනවිට සොයාගෙන ඇති අතර, අනෙක් ත්‍රිරෝද රථ සොයා පොලිසිය විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.

අන්තර්ජාලයේ මුදල් යොදවා සිදුකරන ක්‍රීඩාවන්වලට ඇබ්බැහි වී ඇති තමන් ඒ සඳහා මුදල් සොයාගැනීමට මෙම සොරකම සිදුකළ බවටයි සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

සැකකරු පානදුර රෝහල ඉදිරිපිට සැරිසරන අයුරු සහ ත්‍රිරෝද රථ සොරාගන්නා ආකාරය ඒ අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූ දර්ශන උපයෝගී කරගනිමින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.