― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවස පානය කළ පුතා නිසා පියා හෘදයාබාධයකින් මරුට

වස පානය කළ පුතා නිසා පියා හෘදයාබාධයකින් මරුට

තම පුත්‍රයා වස පානය කර රෝහල්ගත කිරීමේ පුවත ඇසූ පියෙක් හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.

මෙම පුවත වාර්තා වන්නේ යාපනයේ කෝපායී ප්‍රදේශයෙන්.

තම දෙවැනි පුත්‍රයා සිත්තැවුලක් හේතුවෙන් වස පානය කිරීමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ පුවත ආසා මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ කෝපායි මඩි ප්‍රදේශයේ පදිංචි මුතුත්තතම්බි විවේකානන්දන් නැමති 71 හැවිරිදි පියෙක්.

මේ ආරංචිය ඇසීමත් සමගම පියා ක්ලාන්ත වී ඇද වැටී ඇති අතර නිවැසියන් විසින් ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වස පානය කළ පුත්‍රයා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබන අතර රෝහලේ වෛද්‍යවරු පවසා ඇත්තේ පියා
රෝහල්ගත කරන අවස්ථාවේදීත් ඔහු ඉතා දරුණු ලෙස හෘදයාබාධයකට ලක්ව සිටි බවයි.