30 C
Colombo
Friday, December 8, 2023

අල්ලස් ගත් පරිසර අධිකාරියේ හිටපු සභාපතිට ඇප

රුපියල් කෝටියක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකරුවන් තුන් දෙනා අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති වරයා රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.

දැවිතෙල් කර්මාන්තයට අදාළ වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම සඳහා රුපියල් කෝටියක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෙම සැකකරුවන් තුන්දෙනා අල්ලස් කොමිසම විසින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන තිබුණා.

Latest

හෙට කොළඹට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේදී ජල සැපයුම අත්හිටුවන...

විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ

පසුගිය මස 20 වනදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ...

පෞද්ගලික බස් රථවල වෝකිටෝකි සවි කිරීමට සැලසුම්

පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් සවි කිරීමට ලංකා...

මෙරට දරු උපත් ගණන සීඝ්‍රයෙන් පහළට

මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව කැපී පෙනන ලෙස පහළ...

Don't miss

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

හෙට කොළඹට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. අඹතලේ සැපයුමේ සිදුකරන අලුත්වැඩියා තත්ත්වයක් හේතුවෙනුයි මෙලෙස...

විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ

පසුගිය මස 20 වනදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ විදුලිබල පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය හා විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ...

පෞද්ගලික බස් රථවල වෝකිටෝකි සවි කිරීමට සැලසුම්

පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් සවි කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here