31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේ වායු දූෂණය දරුණු අතට

ඉන්දියාවේ වායු දූෂණය දරුණු අතට

ඉන්දියාවේ වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඊයේ (12) රාත්‍රියේ දීපාවලි සැමරීම සඳහා රතිඤ්ඤා පුපුරවා හැරීම සහ ගිනිකෙළි පැවැත්වීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් දිල්ලියේ මාර්ග දූවිලි අංශ සහිත ඝන දුමාරයකින් වැසි ගොස් ඇති බවත් එම මාර්ගවල ගමන් ගන්නා විට මීටර් කිහිපයක් ඉදිරිය නොපෙනෙන බවයි වාර්තා වන්නේ.

දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය ඉතා දරුණු වී ඇති බවත් එහි ජනතාවට හුස්ම ගැනීමට පවා අපහසු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.