29 C
Colombo
Saturday, December 9, 2023

ඔක්තෝම්බරයේ විදුලි බිල වැඩි කිරීම වංචාවක් – ගම්මන්පිල

විදුලිය නිෂ්පාදනය කරනු ලබන ජලාශ සියල්ලම පාහේ පිරීයමින් පවතින මොහොතක විදුලි බිල වැඩි කරමින් ජනතාව පීඩාවට පත්කරමින් විදුලිබල මණ්ඩලය කරන්නේ දැවැන්ත වංචාවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ වත්මන් ජන පීඩක ආණ්ඩුව විසින් සිදු කරනු ලබන විදුලි බිල වැඩි කිරීමට, බදු බර ඉහළ දැමීමට, ජීවන වියදම උග්‍ර කිරීමට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව උත්තර ලංකා සභාගය විසින් පවත්වන ලද සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමිනි.

විදුලි බිල නැවත වතාවක් වැඩි වෙලා. ආණ්ඩුව කියනවා ඒ පිරිවැය විදුලි පාරිභෝගිකයා දැරිය යුතුයි. වියදම වැඩි වුනොත් අපි ඒක පාරිභෝගිකයගෙන් අය කරනවා. අපිට ඒකට විසඳුමක් නැහැ කියලා. මිත්‍රවරුනේ විදුලි බිලෙහි පිරිවැය විදුලි පාරිභෝගිකයා දැරිය යුතු කියන එක අපි පිළිගන්නවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නෙ මොකක්ද? විදුලිබල මන්ඩලයේ නාස්තිය පාරිභෝගිකයාගේ කරමත පටවනවාට අපි විරුද්ධයි. විදුලිබල මණ්ඩලයේ තිබෙන දූෂණය පාරිභෝගිකයාගේ කරමත පටවනවාට අපි විරුද්ධයි. ප්‍රතිපත්තිමය තීන්දු‍වල වරදින් විදුලි මිල ඉහළ යෑමේ ආදීනවය පාරිභෝගිකයාගේ කර මත පටවනවා අපි විරුද්ධයි. ඒ වගේම බොරු තක්කඩි ගණනය කිරීම්වලින් හදා ගන්නා ඉලක්කම් වලින් එන බරපැන පාරිභෝගිකයා මත පටවන අපි විරුද්ධයි. දුප්පත් කෙනා වෙත වැඩි විදුලි බිලක් දාලා පෝසතාගේ විදුලි මිලත් දුප්පතාගෙන් අය කරගන්නවටත් අපි විරුද්ධයි. ඒ නිසා තමයි අපිට විදුලිබිල ගැන ආරෝවක් තියෙන්නේ.

පසුගිය කාලෙ කිව්වෙ මාස හයෙන් හයට විදුලි බිල වැඩි කරනවා කියලයි. එහෙම කිව්ව ආණ්ඩුව පසුගිය මාස දෙකේ පෑවිල්ල, ඩීසල්වලින් විදුලිය හදන්න වුනා, ඒ නිසා අපිට යළි වැඩි කරන්න ඕනි කියලා තමයි මේ ගිය මාස දෙකේ වැඩි කරේ. පෑව්ව බවත් ඇත්තයි. ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කරන්න ගිහිල්ලා පාඩුපිට විදුලි නිෂ්පාදනය කළ බවත් ඇත්තයි. හැබැයි මේ වෙනවිට ඒ පායපු මාස දෙකට හරියන්ඩ පැල් බැඳගෙන වහිනවා.

ඊයේ දිනයේ වන විට, නොවැම්බර් 10 වෙනවිට ලංකාවේ ප්‍රධාන විදුලි ජලාශ පහේ තත්වය ගත්තොත් මොක්කද තත්වය. මම සංඛ්‍යාලේඛන ටික ගෙනාවා. කාසල්රි 99% ක් පිරිලා. මාවුස්සා කැලේ 94%යි. සමනලවැව 90%යි. කොත්මලේ 80 %යි. ඉදිරි සති දෙක තුළ මේ සියලු ජලාශ පිරිලා ඉතිරිලා යනවා. එහෙමනං ඒ වෙච්ච පාඩුව මේ වෙනකොට අල්ලලා ඉවරයි. එහෙමනං මොකටද මේ බිල වැඩි උනේ. සාමාන්‍යයෙන් දවසකට අපිට විදුලිය අවශ්‍ය වෙනවා ගිගා වොට් පැය 44ක් – 50ක් අතර. මේ දවස්වල වහිනවා. වහිනකොට ෆෑන් අවශ්‍ය නෑ. වායු සමීකරණ දාන්නේ නෑ. ගිගා වොට් පැය 44 ක් විතර තමයි සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ. හැබැයි පහුගිය කාලේ ආර්ථික අර්බුද එක්ක මේ මිල වැඩි කිරීම දරාගන්න බැරුව ජනතාවට දැන් මේ දවස් වල දවසකට විදුලි ඉල්ලුම තියෙන්නෙ ගිගා වොට් පැය 40 – 41 අතර. ඊයෙ දවසෙ ජලාශ සහ ආශිත ප්‍රදේශවලට කඩා වැටුණු වර්ශාවෙන් ජලාශවලට එකතුවුණු ජලයෙන් විතරක් ගිගා වොට් පැය 48ක් හදන්න පුළුවන්.

මේ දවස් වල මේ ජලයේ නිෂ්පාදනය නිසාම ඊයේ දවසෙෙ සංඛ්‍යාලේඛන බැලුවා මේ ඩීසල් වගේ තාප විදුලි බලාගාර වලින් විදුලි නිෂ්පාදනය කර තියෙන්නේ සමස්ථ අවශ්‍යතායෙන් 23%යි. එහෙම නම් මේ තාප විදුලි ජනනයට යන වියදම ආවරණය කරන්න කියලා පහුගිය ඔක්තෝම්බර් මාසේ විදුලි බිල වැඩි කිරීම තක්කඩි කමක්, වංචාවක්, බොරුවක් ජනතාව ගසා කෑම කියන එක අපි බය නැතුව කියනවා.”

Latest

පස් කණ්ඩියට යටවූ පිරිස බේරාගන්නා මෙහෙයුම

#karapitiya #hospital #sad #news #dasatha #thidasa #madyawediya #lk #srilanka...

ලංකාවේ උසම මඤ්ඤොක්කා ගහ බදුල්ලෙන් හමුවෙයි

#badulla #tree #worldrecord #news #haliela #voice #dasatha #madyawediya #srilanka...

කංචන සහ විමල් සැරටම අමතගනී

#vimal #kanchana #parliament #news #light #madyawediya #dasatha #thidasa #srilanka...

Don't miss

මාධ්‍යවේදීන්ට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් දෙන්න

මිනිසෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් ලබාදීමට...

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

කෝටි 07ක් හා පිස්තෝලයක් සමඟ පිරිසක් රිමාන්ඩ්

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ රුපියල් කෝටි 7 අධික මුදලක් සන්තකයේ තබා ගෙන කොළඹ මල් පාරේ සිනමන් රෙඩ් හෝටලයේ රැඳී සිටීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයින් හත්දෙනෙක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් 07 දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ලැබුණු බව බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා...

සුරාසැල් ඇරෙන වැසෙන වේලාවේ වෙනසක්

දිවයින පුරා පිහිටි සුරාසැල් විවෘත කරන සහ වසා තැබෙන වේලාවන් හෙට (09) සිට වෙනස් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මුදල් ආර්ථික ස්ථායිකාරන සහ ජාතික...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here