27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුන්ට වාණිජ බැංකු හරහාත් ණය ක්‍රමයක්

සිසුන්ට වාණිජ බැංකු හරහාත් ණය ක්‍රමයක්

වාණිජ බැංකු හරහාත් පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමයක් යෝජනා කරන බවත් රැකියාවක් ලබා ගත් පසු ඒ ණය ආපසු ගෙවීමට හැකියාව ලබා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී 2024 අයවැය කතාව සිදුකරමින් පැවසුවා.

පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා ණය ක්‍රමයක් යෝජනා කරනවා. රැකියාවක් ලබා ගත් පසු ඒ ණය ආපසු ගෙවීමට හැකියාවක් ලබා දෙනවා. ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කරනවා. තීන්දු තීරණ ගැනීමේ හා නියාමන බලතල ඊට ලබා දෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලබන තරුණ තරුණියන් සඳහා දෙස් විදෙස් රැකියා ලබා ගැනීමට අවස්ථාව ලබාගැනීමට අවස්ථාව සැකසිය යුතුය. මේ සඳහා වන පුහුණු පාඨමාලා සඳහා ශ්‍රී ලංකා පදනමට රුපියල් මිලියන 150 ක් වෙන් කිරීමට කටයුතු කරනවා. ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර තිබෙනවා.”