― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅස්වැසුම ප්‍රතිපාදන තුන් ගුණයකින් ඉහළට

අස්වැසුම ප්‍රතිපාදන තුන් ගුණයකින් ඉහළට

සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුම ප්‍රතිපාදන තුන් ගුණයකින් ඉහළටඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී 2024 අයවැය කතාව සිදුකරමින් පැවසුවා.

වැඩිහිටි පුරවැසියන් සඳහා වන රුපියල් 2000 ක මාසික දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කරනවා. සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුම වැඩසටහනට තුන්ගුණයකින් ප්‍රතිපාදන ඉහළ නංවනවා. සියලු රජයේ සේවකයන්ට පෙර පරිදිම ආපදා ණය ලබා දීමට කටයුතු කරනවා. වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුපට දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය සියයට අටක් දක්වා වැඩි කරනවා. විශ්‍රාමිකයන් සඳහා ජීවන වියදම් දීමනාව 2500කින් වැඩි කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය දැවැන්ත අර්බුදයකට ලක්ව තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ධෛර්ය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාගෙන රුපියල් බිලියන 30ක ණය පහසුකම් ලබා දීමට කටයුතු කරනවා.”