32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඕෂලට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

ඕෂලට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඉකුත්දා අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව විවේචනය කරමින් අදහස් පළ කිරීම තුළින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු පැවසුවේ විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් පෙත්සම ඉදිරිපත් කළා.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඕෂල හේරත් විසින් ඉදිරිපත් කරන ලද රීට් පෙත්සමක් ඉකුත් දා අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ බව පෙත්සම්කරු පවසනවා.

ඉකුත් 05 වනදා ‘මී මැස්සෝ’ නමැති යූටියුබ් නාලිකාවට සාකච්ඡාවක් ලබා දුන් වගඋත්තරකාර ඕෂල හේරත් එම අභියාචනාධිකරණ තීන්දුව විවේචනය කරමින් අදහස් පළ කර ඇතැයි ද පෙත්සමේ සඳහන් වෙනවා.

මේ තුළින් ඔහු අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල කොට ඇති අතර අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය හා ගෞරවය පළුදු වන ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් පෙත්සමේ චෝදනා කර තිබෙනවා.

ඒ අනුව වගඋත්තරකාර ඕෂල හේරත් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ ඔහුට දඬුවම් නොකිරීමට හේතු විමසා සුදුසු දඬුවම් නියම කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.