28 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව විශ්ව විද්‍යාල 04ක් පිහිටුවනවා - ජනපති

නව විශ්ව විද්‍යාල 04ක් පිහිටුවනවා – ජනපති

නව විශ්ව විද්‍යාල 04ක් පිහිටුවීමට පියවර ගන්නා බව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී 2024 අයවැය කතාව සිදුකරමින් පැවසුවා.

පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා. නව විශ්ව විද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නවා. ඉදිරියේදී පළාත් සභා මගින්ද විශ්වවිද්‍යාල ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඊළඟ වසර දෙක තුනේදී විශ්ව විද්‍යාල ගණන දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි කිරීම අපේ අරමුණයි. නව යුගයට ගැලපෙන පරිදි රාජ්‍ය විශ්වවිද්‍යාල දියුණු කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් ලබන වසර වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වෙන් කරනවා. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීති සම්පාදනය කිරීමෙන් පසු ලංකාවේ එම විශ්වවිද්‍යාල පිහිටුවීමට අවසර දෙනවා.”