2024 වසර සඳහා වන අයවැය වාර්තාව අද (13) ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කර ඇත.
ඒ අනුව අද දහවල් 12.00 ට මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් මෙරට 78 වන අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙවර අයවැයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326කි.