― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබදුල්ලට හෘද සහ පෙනහලු පුනර්ජීවන ඒකකයක්

බදුල්ලට හෘද සහ පෙනහලු පුනර්ජීවන ඒකකයක්

ඖෂධ ප්‍රසම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැකසීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවන බවත් බදුල්ලට හෘද සහ පෙනහලු පුනර්ජීවන ඒකකයක් ලබාදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී 2024 අයවැය කතාව සිදුකරමින් පැවසුවා.

ඖෂධ ප්‍රසම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැකසීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවනවා. ලංකාවේ වෛද්‍ය පර්යේෂණ සෙසු රටවල මට්ටමට ගෙන ඒම සඳහා කටයුතු කරනවා. එහි මුල් අදියර සඳහා රුපියල් මිලියන 75ක් වෙන් කරනවා පසුව තවත් වෙන් කරනවා. බදුල්ලට හෘද සහ පෙනහලු පුනර්ජීවන ඒකකයක් ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන තුන්සියයක් වෙන් කරනවා. සංචාරකයන් සඳහා දේශීය හා ආයුර්වේද සත්කාර ලබා ලබාදීම සඳහා හෝටල්වල දේශීය ආයුර්වේද සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට රුපියල් මිලියන සීයක් වෙන් කරනවා.”