26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමගේ පෞද්ගලික ධනයෙන් හරි මම ක්‍රිකට් හදනවා

මගේ පෞද්ගලික ධනයෙන් හරි මම ක්‍රිකට් හදනවා

තම පෞද්ගලික මුදලින් හෝ අධිකරණය හමුවට ගොස් ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාවත වෙත ගැනීමට තමන් උත්සාහ කරන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සව අවස්ථාවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අර්ජුන රණතුංග කියා සිටියේ ක්‍රිකට් තහනම පිණිස අඩිතාලම දැමූ අය සෙවීම සඳහා පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනපතිගෙන් ඉල්ලා සිටින බවයි.

රටක් පාවාදීලා තමන්ව ආරක්ෂා වෙන ක්‍රමවේදයක් ඇතිකරනවා නම් ජනාධිපති දැඩි තීරණ ගන්න ඕනේ. මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලනවා. මම තීරණය කරලා තියෙන්නේ ක්‍රිකට් හදන්න. මේ වෙනුවෙන් මගේ පුද්ගලික ධනය වියදම් කරගෙන හරි උසාවි යන්න බලාපොරොත්තු වෙනවා.